Wednesday, January 11, 2012

හත්ඉලව්වෙ මොකක්ද මේ FOREX කියන්නෙ -FOREX පාඩම 1

ඇත්තටම දෙයියනේ මොකක්ද මේ FOREX කියන්නෙ ? ඒ ගැන තමයි මේ POST එක.කියවගෙන යන්නකො.සමහර අය FOREX වලට බයයි.ඒ තමන්ගෙ මුදල් නැතිකරගත් අය.තව සමහරු කැමති නෑ INVEST කරන්න ඕන නිසා.තවත් කොටසක් ඉන්නව කන්නෙ බොන්නෙ නැතුව නැහෙන්න හදනව FOREX මත්තෙම.දෙයක් කියන්න ඕන මේ අය FOREX ගැන හරියට දන්නෙ නෑ.ඒ නිසයි ඔහොම වෙලා තියෙන්නෙ.
වැල් වටාරම් ඕනෙ නෑ අපි බලමු FOREX කියන්නෙ මොකක්ද කියල.මේකට ඇත්තටම කියන්නෙ FOREX MARKET කියලා.ඒක හැදිල තියෙන්නෙ FOREIGN EXCHANGE කියන වචන දෙක ආධාරයෙන්.මේකත් හරියට ඔය ලංකාවේ තියෙන SHARE MARKET එක වගේ හැබැයි පොඩි පොඩි වෙනස්කම් තියෙනව.මේක වෙලදාමක්.ඔයාල දන්නවනෙ වෙලදාමකදි කරන්නෙ මොනා හරි භාණ්ඩයක් විකුනනව එහෙම නැත්තම් සේවාවක් විකුනනව.FOREX වලදි විකුනන්නෙ වෙන මොනවත් නෙමෙයි මුදල්.
විහිලු කරනව කියල හිතල කියවන එක නවත්තන්න එපා ඉතිරි ටිකත් බලන්නකො.මේක අයිති වෙන්නෙ සේවා විකුනන ගණයට නෙමෙයි.ඒ කියන්නෙ මේකෙදි අපට මොනව හරි විකුනන්න වෙනව.ඉතින් අපි කරන්නෙ මුදල් අරගෙන ආපහු විකුනන එක.මොන විකාරයක්ද කියල හිතෙනව ඇති නේද ?
ඒක වෙන්නෙ මෙහෙමයි,හිතන්නකො ඔයාගෙ යාලුවෙක් ගාව US DOLLAR 10 ක් තියෙනව.එයා කියනව එයාට ඒව ලංකාවෙ රුපියල් වලට මාරු කරගන්න ඕන කියල.ඔයා අහනව මම ඔයාට සල්ලි දෙන්නම් කීයක් ඕනද කියල.එතකොට යාලුව කියනව දැන් US DOLLAR 1 ක් රුපියල් 100 යි මට වටිනාකම දෙන්න කියල.ඔයා එයාට රුපියල් 1000 ක් දෙනව.ඔයා ඒක ගත්තෙ ආසාවට කියල හිතන්නකො.
ටික දවසකට පස්සෙ ඔයාට සල්ලි අවශ්‍යතාවයක් එනව.ඉල්ල ගන්න කෙනෙකුත් නෑ.මාර සීන් එක.එක පාරටම ඔයාට අර US DOLLAR 10 යෙ නෝට්ටුව මතක් වෙනව.ඉතින් ඔයා රුපියල් 1000 ක් ‍ගන්න පුලුවන් නේද කියල හිතල මාරු කරන තැනකට යනව.
ඔයා අහනව US DOLLAR 1 ක් කීයද කියල.එයාල කියනව US DOLLAR මිල වැඩි උනා දැන් 110 යි කියල.ඔයා ඉතින් වැඩි සද්දයක් නැතුව සල්ලි මාරු කරගෙන හිමිහිට මාරු වෙනව.එහෙම නේද ?දැන් බලන්න ඔයාට ඔය US DOLLAR 10 වෙනුවෙන් වැය වුනේ රුපියල් 1000 යි.දැන් ඔයාට රුපියල් 1100 ක් හමිබ උනා.ලාබයි නේ.
ඇත්තටම මේ තරම් ලොකු ගානකින් මුදල් වල අගය වෙනස් වෙන්න ලොකු කාලයක් ගත වෙනව.අ‍නෙක රුපියල් 100 ක් කියන්නෙ පොඩි ගානක් ඉතින් රුපියල් 100 ක් හොයන්න ඔච්චර කල් බලන් ඉන්න ඕනද ? හිගා කෑවත් ඊට වඩා හොයන්න පුලුවන් නේද ?හැබැයි FOREX වලදි එහෙම නෑ.ඒකෙ පුංචි පුංචි වචන ගොඩක් තියෙනව PIPS,LOTS,MARGIN,SPREAD,SWAP.....වගේ ඒව.ඒ ගැන මම ඊලග POST වලින් කියන්නම්කො.තව දෙයක් මේ FOREX MARKET එක නිතරම වෙනස් වෙනව.ඒක තමයි අපි ලාබ උපයන්න යොදාගන්නෙ.මේකෙ ත‍ව වචනයක් තියෙනව LEVERAGE කියල ඒක තමයි වැදගත්ම දේ.
එහෙනම් ඊලග POST එකෙන් හමුවෙමු.එතකන් ආයුබෝවන්ඩ.......ගොහින් එඤ්ඤං

0 comments:

Post a Comment